බහු
සංස්කෘතික අධ්‍යාපනය හඳුනාගැනීමට පෙර බහු සංස්කෘතික සමාජය යනු කුමක්දැයි හදුනාගැනීම මෙම අධ්‍යයනය පහසු කරනු අැත. විවිධ භාෂා කතාකරන,විවිධ අාගම් අදහන,විවිධ සිරිත්
විරිත් අනුගමනය කරමින් විවිධ සංස්කෘතීන්ට අයත් ජාතින් වාසය කරන සමාජය බහු
සංස්කෘතික සමාජයක් ලෙස සරලව අර්ථකථනය කළ හැකිය. මේ පිළිබද අදහස් දක්වා අැති තුලනාත්මක අධ්‍යාපනය හා අධ්‍යාපන ගැටලු යන ග්‍රන්ථයේ
දක්වා අැත්තේ සම ජාතිය නොවන සංයුතියකින් යුක්ත ජනගහනයක් ඇති සමාජ
බහු සංස්කෘතික සමාජයක් ලෙස හදුන්වා අැත. මෙම සමාජයේ විවිධ භාෂා,විවිධ අාගම්,විවිධ
සිරිත්විරිත්, විවිධ අැදහිලි හා විශ්වාසයන් දක්නට අැත. මෙවැනි සමාජයකට අාසන්නතම
උදාහරණය වන්නෙ ශ්‍රි ලංකාවයි.
මෙවැනි
සමාජයක් අැතිවීමට බලපාන සාධක කිහිපයක් පහත පරිදි දැක්විය හැක.
·
ස්වාභාවික ජන සංක්‍රමණ
·
දේශ ගවේශණ
·
වෙළදාම
·
මුහුදු මාර්ග
සොයාගැනීම
·
අධිරාජ්‍යවාදය
·
රැකියා ව්‍යාප්තිය
·
අාක්‍රමණ
·
ගෝලීයකරණය
ඉහත
සාධක මත අැති වූ බහු සංස්කෘතික සමාජයක අාගන්තුකයන් වුයේ ඒම සමාජයට අලුතින් ඒක් වු
ජන කණ්ඩායම වන අතර ඔවුන් පසුකාලීනව තමන්ගේ සංස්කෘතිය නගා සිටුවීමට, තමන්ගේ භාෂාව
අධ්‍යාපන මාධ්‍ය ලෙස යොදාගැනීම, සමාජයේ සමාන අවස්ථා ලබාගැනීමට උත්සහ දැරීය.
ඒනිසා ගැටලු අැති වු අවස්ථාද අැත.
මෙම
තත්වය අවම කිරීම සදහා සෑම සංස්කෘතියකටම පොදු වු සමාජයක් නිර්මාණය කිරිමට සමාජ පෙරගමන්කරුවන් උත්සුක විය. ඒහි ඒක් පියවරක් වූයේ අධ්‍යාපනය හරහා සමාජය වෙනස්
කිරීමය. මෙය බහු සංස්කෘතික
අධ්‍යාපනය යනුවෙන් 1960 දශකයෙන් පසුව අැමරිකාවේදි අාරම්භ විය.
මේ ගැන අදහස් දක්වන James
A. Banks දක්වන්නේ
විවිධ භාෂා කතාකරන, විවිධ අාගම් නියෝජනය කරන, විවිධ ජන කොටස් වලට අයත් සිසුනට ඒක හා සමාන වු අධ්‍යාපන අවස්ථාවන් ලබා දීම බහු සංස්කෘතික
අධ්‍යාපනයේ දි සිදුෙව්. මෙහි ප්‍රධාන අරමුණ වන්නෙ ප්‍රජාතන්ත්‍රිය සමාජයක
ජීවත්වීමට අවශ්‍ය දැනුම, අාකල්ප, කුසලතා, දියුණු කරගැනීම සදහා අවශ්‍ය පුහුණුව
ලබාදීමයි.
බහු සංස්කෘතික
අධ්‍යාපනය තුළින් පරිපූර්ණ වන මිනිසා සමාජයෙ සැම දෙනාටම ගරුකරමින් ජීවත් වීමට
උත්සහ දරනු ඇත. ඒ අනුව බහු සංස්කෘතික අධ්‍යාපන සංකල්පය තුළ මූලික ඉලක්ක කිහිපයක්
පහත පරිදි දක්වා අැත.
· සිසුන්ට තමන්ගේ මෙන් ම අන්‍යන්ගේ සංස්කෘතීන්ට සහ අගයන්ට
ගරු කිරමට ඉගැන්වීම
·
බහු සංස්කෘතික සමාජයක සාර්ථකව ක්‍රියාකාරී වීම සඳහා
ඉගෙනීමට සියලු ම ළමුන්ට උදව් කිරීම
·
වර්ගවාදය මගින් පීඩා විඳින ළමුන් තුළ සුභවාදී ආත්ම
සංකල්ප ඇති කිරීම
·
විවිධ සංස්කෘතීන්ට අයත් මිනිසුන් සමඟ ප්‍රජාවේ
සුවිශේෂ කොටස් වශයෙන් එකට වැඩ කිරිමට දිරිමත් කිරිම
Paul
and Bob 1996 දි බහු සංස්කෘතික
අධ්‍යාපනයේ පරමාර්ථ දහයක් පහත අාකාරයට පෙන්වා දී තිබේ. ඒ අනුව,
·
සෑම ශිෂ්‍යයෙක්ම ඔහුගේ හෝ ඇයගේ උපරිම සාධනය
අත්පත් කර ගැනීමට
·
තාර්කිකව සිතන්නේ හා ඉගෙන ගන්නේ කෙසේ දැයි
ඉගෙන ගැනීමට
·
අත්දැකීම් හා ඉගෙනුම් විෂයපතය තුළින් සිසුන්
තුළ ක්‍රියාශීලී භූමිකාවක් අත්කර ගැනීමට සිසුන් ධෛර්යමත් කිරීම
·
විවිධ ඉගෙනුම් ශෛලීන්ට අාමන්ත්‍රණය කිරීමට
·
අපේ දැනුම් පදනම කෙරෙහි දායක වූ වෙනත් කණ්ඩායම්
අගය කිරීමට
·
අප විසින් ම වෙනස් කම් ඇතිකරගත් පුද්ගල කණ්ඩායම්
තුළ ධනාත්මක පුරුදු සංවර්ධනය කිරීමට
·
පාසල, සමාජය,
රට හා විශ්ව සමාජය තුළ හොඳ පුරවැසියන් බවට පත්වීමට
·
වෙනත් පර්යාලෝකවලින් දැනුම අගයන්නේ කෙසේ
දැයි ඉගෙනීමට
·
ජනවර්ග, ජාතීන් හා විශ්වීය
අනන්‍යතාවය සංවර්ධනය කිරීම
මෙයින් පැහැදිළි වන්නෙ බහු සංස්කෘතික අධ්‍යාපනය
මගින් විශාල මෙහෙයක් ඉටුවන බවයි.
බහු සංස්කෘතික අධ්‍යාපනය
ReplyDeletePrimary Goals for Multicultural Education:
ReplyDelete* Teach children to respect others' cultures and values as well as their own .
* Help all children learn to function successfully in a multicultural,multiracial society.
* Develop a positive self-concept in children who are most affected by racism.
* Encourage children to experience people of diverse cultures working together as unique
parts of a whole community.
Mehi Artaya(teruma):
Bahu sanskruta Addyapanaye Pratamika aramunu:
Sisunta Tamange Menma Anyange Sanskrutenta ,Agayanta garukiremata Iganvema.
Bahusanskruta samajayaka sartakava kriyakariveema sadaha Igeneemata siyaluma lamunta udau kireema.vargavadaya magin Peedavidina Lamun Tula subavadee atma sankalpa Atikireema.vivida sanskruteenvalata ayat Minisun samaga samasta Prajave suvisesha Kotas vasayen vadakirema Dirimat kirema.
erwwbandara Med 013
ReplyDeletePrimary Goals for Multicultural Education:
*Teach children to respect to respect others'cultures and values as well as their own.
*Help all children learn to function successfully in a multicultural;multiracial society.
*Develop a positive self-concept in children who are most affected by racism.
*Encourage children to experience people of diverse cultures working together as unique parts of a whole community.
ඊ.ආර්.ඩබ්ලිව්.ඩබ්ලිව්.බණ්ඩාර
ReplyDeleteබහුසංස්කෘතික අධ්‍යපනයේ විශේෂ ලක්ෂණ:
*ප්‍රජාතන්ත්‍රවාදි දර්ශනය
*ධනාත්මක අන්තර් කණ්ඩායම් ආකල්ප හා චර්යා වර්ධනය.
*සමග්‍රහනය.
*සංස්කෘතික ඒකාග්‍රතාව බලගැන්වීම.
බහූ සංස්කෘතික අධ්‍යපනයේ ප්‍රධාන මාන 5 කි.
1.ඉගනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ අන්තර්ගත සමිශ්‍රණය.
2.දැනුම සංවර්ධනය.
3.පූර්ව නිගමනවල එල්බ සිටිම අවම කිරිම.
4.ශික්ෂණවේදය.
5.පාසල් සංස්කෘතිය සැකැස්ම බලගැන්වීම.
🙏🙏🙏
Delete